මාධ්යයට අත නොතබනු – මාධ්ය සංවිධාන උද්ඝෝෂණය
අතුරුදහන්වූ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මර්දනයට එරෙහි මාධ්යවේදීයෝ සංවිධානයේ මෙහෙයවීමෙන් මාධ්ය සංවිධාන සහභාගීත්වයෙන් පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වූ නිදහස් මාධ්ය ව්යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා ප්රකාශකලේ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන්වී අදට දින 15ක් ගතවීත් පොලිසියට ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක් හෝ සොයාගෙන නෙමැති බවත් රජයත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය. වසර 35 පමන පසු ප්රථම වතාවට මාධ්ය ආයතනයක් සිල් තැබුවේ මේ රජය යටතේ බවත් ඊට අමතරව එහි කතෘවරයා දැනට ...
”ප්රජාතන්ත්රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්ර භාවිතා කිරීමට පොළිසිය අවසර දී නොතිබිනි. මෙම රුස්වීම සඳහා සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂයේ පක්ෂත්, වික්රමබාහු කරුණාරත්න මහතා ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂත් පෙළපාලිවලින් හයිඩ්පාක් පිටියට පැමිණියහ. රුස්වීම ආරම්භවීමට ප්රථම පැමිණි ජනතාවට පොලීසිය විසින් අවහිරතා කිරීමට උත්සහ කරනු දක්නට ලැබුණු අතර ඇතැම් මාධ්යවේදීන්ටද පොළිසිය බාධා කල බව වාර්තා විය. කෙසේ වෙතත් සවස 4.00 පමණ වන විට හයිඩ්පාක් පිටියත් අවට මාර්ගත් පැමිණි ජනයාගෙන් පිරී තිබෙනු ...
නීතියේ ආධිපත්ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම : මැතිවරණ ප්රචණ්ඩක්රියා නිරීක්ෂණ මධ්යස්ථානයේ(CMEV) කනස්සල්ල මුසු දැඩි සැලකිල්ලට
මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්රචාරක සමයේ මැතිවරණ ක්රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්රචණ්ඩක්රියා නිරීක්ෂණ මධ්යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි සම්බන්ධිකාරක ඩී. එම්. දිසානායක මහතා පැවසීය. එම මධ්යස්ථානය අතුරු වාර්තාවක් නිකුත් කරමින් කියා සිටින්නේ, ‛‛නීතියේ ආධිපත්ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම, තැපැල් ඡන්දය පැවැත්වීමේදී සිදු වූයේ යැයි චෝදනා එල්ලවී ඇති අක්රමිකතාවයන්, දැනටද සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් දේශපාලන ව්යාපාරයෙහි දී මැදිහත්වීම සහ රාජ්ය සම්පත් හා රාජ්ය මාධ්ය ආයතන අයුතු උපයෝජන යනාදිය පිළිබදව වූ තම බරපතල කනස්සල්ල වාර්තා කොට තැබීමට මැතිවරණ ...
ජනාධිපතිවරණ පොරොන්දුවලින් කොළඹ වැනසෙයි..
අද(22) දහවවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඒක් අපේක්ෂකයෙකුගේ ජනාධිපවරණ පොරොන්දු සහ ඒ ආශ්රිත දැනුවත් කිරීම සදහා අත් පත්රිකා බෙදීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් කොටුව දුම්රිය ස්ථානය අසලන් ගමන් ගන්නා සෑම අයෙකුටම එම අත් පත්රිකා ලබා දුන්නේය. ගිනි මද්දහනේ බස්රථයක් හෝ දුම්රියකට නැගීමට යන මිනිසුන් ඒවා අතට ගෙන ක්ෂනිකයෙන් බිම දමා යන්නේ පොරොන්දුවලට බයෙන්ද කියා ඒ දෙස බලා සිටි අපට සිතිනි. විශේෂය එය නොවේ පැයක් පමණ අසල බස්නැවතුම්පොලේ නැවතී සිටි අපට පුදුම දසුනක් දැක ගත හැකිවිය. දුම්රිය ස්ථානය ඉදිරිපිට මුලු පොළවෙහිම සුදුපාට අත් පත්රිකාය. සුළගට ඒ මේ අත දුවන පොරොන්දුය. හිනා උනු මුහුණු ඇතැමෙකුට වරක් නොව දෙවරක්ම පෑගි යන්නේ ...
සදාචාරේ වල පල්ලේ මාධ්යත් වලපල්ලේ – රූපවාහිණිය ඉදිරිපිට මාධ්යවේදීන්, මාධ්ය සේවකයන් උද්ඝෝෂණයේ..
‛‛මේ රටේ රාජ්ය මාධ්ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්ය නිදහස ඉල්ලා සත්ය හෙළිදරවු කරන්න කියලා අද මේ රාජ්ය මාධ්ය ආයතන ඉස්සරහ අපි මේ පාරට බැහැලා ඉන්නේ.’’ රාජ්ය මාධ්ය භාවිතයේ සිදුවන ආචාරධර්ම විරෝධී වැඩපිළිවෙලට එරෙහිව අද(21) දහවල් ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂනයේදී නිදහස් මාධ්ය ව්යාපරයේ සුනිල් ජයසේකර මහතා ප්රකාශ කළේය. එහිදි ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන මේ මොහොතේ රාජ්ය මාධ්ය භාවිතා කරන්නේ ඉතාමත් පක්ෂග්රාහීවය. මේ අනුව ජනතාවට සත්ය තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ප්රභල ...
බොරු එපා ලසන්ත ඝාතකයින් හෙළි කරනු
මාධ්ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ, පහර දිමට ලක්කල හා පැහැරගෙන යනු ලැබූ සියලු මාධ්යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන මෙන් උද්ඝෝෂකයන් රජයට බලකරනු ලැබුවා. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්රමතුංග ඹහතා මහ මඟදී මරා දමන ලද්දේ 2009 ජනවාරි 8 වනදාය. සිරස රූපවාහිනි ආයතනයට පහරදී බෝම්බ ගසා ගිනි තබා විනාශ කරන ලද්දේ 2009 ජනවාරි 6 දාය. මෙම සිද්ධි දෙක සිදුවී මේවන විට වසරක් ගතවී හමාරය. මාධ්යවේදි පෝද්දල ජයන්ත මහතා මහ මඟදී පැහැරගෙන ගොස් කකුල් කඩා දැමුවේ ...
සිංහල
ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට8/2/2010 22:11
අද රාත්රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ප්රකාශ කරනු ලැබුවා. ජෙනරාල් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන හේතුවක් මතද යන්න තවමත් පැහැදිලි නැත. Read More →
මාධ්යයට අත නොතබනු – මාධ්ය සංවිධාන උද්ඝෝෂණය8/2/2010 14:45 හෘද සාක්ෂියක් ඇති රාජපක්ෂවාදීනි, මේ ඔබටයි
6/2/2010 13:17 ප්රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.
5/2/2010 12:32 මාධ්යවේදී ජෙ. ශ්රී. රංගා ට මැර ප්රහාරයක්.
4/2/2010 12:17 ”ප්රජාතන්ත්රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..
4/2/2010 11:36 ජනාධිපතිවරණයේදී බොහෝ අය නිතියට පිටින් වැඩකළා – මැතිවරණ කොමසාරිස්
3/2/2010 18:01 සිරස අනුරාධපුර මාධ්යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි
3/2/2010 10:09 More posts →
தமிழ்
தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை8/5/2008 10:52 Citizen reports of election violence and malpractices in the Eastern Province
5/5/2008 15:52 அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா?
31/3/2008 12:00 மக்கள் விடுதலை முன்னணியும் மாகாண சபை அதிகாரங்களும்
19/3/2008 11:40 ஜனநாயகத்தில் மக்கள் தீர்ப்பே மகேசன் தீர்ப்பு!
10/3/2008 16:17 பாதுகாப்பும் விட்டுக்கொடுப்பும்
4/3/2008 15:47 தனக்கு மூக்கு போனாலும் பரவாயில்லை எதிரிக்கு சகுனம் பிழைக்க வேண்டும்.
29/2/2008 13:17 சிப்பாயின் சடலம் தோட்டத்துக்கு கொண்டுவரப்பட்டதையடுத்து சிங்கள் இளைஞர்களால் தமிழ் மக்களுக்கு அச்சுறுத்தல்
27/2/2008 11:57 More posts →
Newsletter
Vikalpa Newsletter #4 – Tamil14/11/2007 08:02 Vikalpa Newsletter #4 – Sinhala
14/11/2007 07:59 Vikalpa Newsletter #3 Tamil
2/10/2007 12:32 Vikalpa Newsletter #3 Sinhala
2/10/2007 12:30 අපේ පුවත්
30/9/2007 10:26 More posts →

